Google සාර්ථකත්වය තුල වුර්තිමය තරුණ ව්‍යවසායකයන් උගතයුතු දේ

Monday, October 14, 2013

Google යනු වර්තමාන ලෝකයේ වැඩිම මුල්‍යමය වටිනාකමක් ඇති ව්‍යාපරික නාමයයි. එහි සාර්ථකත්වයේ රහස සරල බව, වේගවත් බව, විශ්වාශදායිතත්වය සහ ජනතාවගේ හදවතට සමීපව සේවාවන් සැපයීමට ඇති නිහතමානි සහ විශිෂ්ට වූ කැපවීමයි. දවසකට එක්වරක් හෝ එම ආයතනයේ සේවාවන් නොලබන අන්තර්ජාල භාවිතා කරන්නෙකු නැති තරම්. ලැරී පේජ් (Larry Page) සහ සර්ජේ බ්‍රින්(Sergey Brin) තම අචාර්ය උපාධිය සදහා කල පර්යේෂණ යේ කොටසක් ලෙස ගොඩනැගු අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර සදහා වඩා විශ්වාශදායි ක්‍රමවේදය (algorithm) හුදෙක් සාශ්‍රීය පත්‍රිකාවක් කරනු වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනැගීමට අත්තිවාරමක් කරගැනීමට ඔවුන් ගත තීරණය වර්තමාන අන්තර්ජාලයේ දිශානතිය වෙනස්කිරීමට හේතු වී ඇත.

මෙතරම් ලෝක වාසි ජනතාවගේ හදවතට සමීප සාර්ථක ව්‍යාපාරයක් ඔවුන් ගොඩ නැගුවේ ඔවුන්ට ඒ සදහා පැහැදිලි දර්ශනයක් තිබු බැවිනුයි. Google ආයතනය සපයන සේවාවන්හි විශිෂ්ටත්වය පිටු පස ඇත්තේ ඔවුන් තම සේවා ලාභීන්ගේ අවශ්‍යතාවයන්ට මුල්තැන දීමයි. පුහු ආටෝපය වෙනුවට සරල බව සහ සේවාවන්හි ගුණාත්මක තත්වය ගැන ඔවුන් දක්වන කැපවීම එහි සාර්ථකත්වයේ රහසයි.

පහතින් දැක්වෙන්නේ එම ආයතනයේ ප්‍රධානතම මූලෝපායික සංකල්පවල සාරන්ශයකි. සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්දයෙන් එයින් ඉගෙනගත හැකි දේ බොහෝය.

1. සේවා ලාභියා කෙරෙහි අවදානය යොමු කරන්න, සැවොම ආයතනය පසුපස පැමිණෙනු ඇත.
(Focus on the user and all else will follow. )
2. එක දෙයක විශිෂ්ටත්වය වඩාත් වැදගත් වේ.
(It’s best to do one thing really, really well.)
3. සේවාවන් වේගවත් වීම වඩා වැදගත් වේ.
(Fast is better than slow.)
4. අන්තර්ජාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඇති කැපවීම.
(Democracy on the web works.)
5. ගැටලුවකට විසදුම් සැපයීමය ඔබ කාර්යාලිය මේසය ඉදිරියේ සිටීම අත්‍යවශ්‍ය නැත.
(You don’t need to be at your desk to need an answer.)
6. වැරදි ක්‍රියා නොකර මුදල් ඉපයිය හැක.
(You can make money without doing evil.)
7. හැමවිටම අවශ්‍ය ප්‍රමාණයට වඩා තොරතුරු පවතී.
(There’s always more information out there.)
8. තොරතුරු සියලු සීමාවන් අතික්‍රමණය කල යුතුය.
(The need for information crosses all borders.)
9. සැහැල්ලුවෙන් සිටිමින් සංකීර්ණ කටයුතුවල යෙදිය හැකිය.
(You can be serious without a suit.)
10. විශිෂ්ටත්වය වුවද ප්‍රමාණවත් නැත. (නිරතුරුව සේවාවන්හි ගුණාත්මකත්වය දියුණු කල යුතුයි.)
(Great just isn’t good enough.)

මුලාශ්‍රය: http://www.google.lk/about/company/philosophy/

Related Posts Plugin for WordPress, Blogger...

0 comments:

 
 
 

DZone

Business Insider (Tech)

TechCrunch

Mashable

Computer World

eWeek - RSS Feed