Role of Sri Lankan IT professionals in globalisation - Part 2

Wednesday, August 3, 2011

පෙර ලිපියෙන් අපි සාකච්චා කලේ "globalisation" යනුවෙන් දැක්වෙන අදහස අපි කෙතරම් වැරදි ලෙසට තේරුම් ගෙන තිබේද යන්නය. "globalisation" යන්න තාක්ෂණයේ (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ) දියුණුව තම යටත් විජිත වාදයේ දෙවැනි පියවර ලෙස යොදාගැනීමක් ලෙසත් සමහර ආර්ථික ශාශ්‍රත්නයන් විග්‍රහ කරනවා. කෙසේ වුවද "globalisation" යන සංසිද්දිය අද වෙන විට බටහිර ජාතීන්ට දෙපැත්ත කැපෙන ආයුදයක් වී තිබෙන බවත් දැන් දැන් පෙනෙනවා.

ඇමෙරිකාව සිය ආර්ථික බලය ලෝකය තුල පිහිටුවාගැනීමට "globalisation" යන සංකල්පය සාර්ථකව යොදාගනු ලැබුවා. අද ඇමෙරිකාවේ ආර්ථිකය ගැටගසා ඇත්තේ තාක්ෂනය මත පදනම් වී ඇති අයුරිනි. එහෙදී තොරතුරු සහ පරිගණක තාක්ෂනය ප්‍රමුඛ වෙනවා. මදක් සිතා බලන්න. ජපානය ආර්ථික වසයෙන් බලවතෙක් වුනේ ප්‍රධාන වශයෙන් රථවාහන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනය තුලින්. චීනයත් මෙයට සමාන මගක් ගනු ලැබුවා. ජර්මනිය , ප්‍රංසය වැනි රටවලුත් දියුණුවූවේ කර්මාන්ත සංවර්ධනය ආශ්‍රයෙන්.

නමුත් ඇමෙරිකාවේ ආර්ථිකය මුළුමනින්ම පාහේ සේවා අංශය මත පදනම් උනා. මෙය්නුත් තොරතුරු තාක්ෂණය ප්‍රධාන වුනා. අද ඇමෙරිකානු ආර්ථිකය ගැටගසා ඇත්තේ GOOGLE , Microsoft . Apple , වැනි අධි තාක්ෂණ ආයතන කිහිපයක් මත සහ වෙනත් සේවා ආශ්‍රිත පුද්ගලික අංශය මතය. මීට අමතරව අවි ආයුධ වෙලදාමත් , බෙහෙත් ඖෂධ වෙලෙදාමත් ඇමෙරිකානු ආර්ථිකයට ජීවනාලිය සපයනවා.

ශ්‍රී ලාංකිකයන් වසයෙන් අපට "globalisation" බලපෑමෙන් මිදීමට හැකියාවක් නැහැ. අපේ රටේ ඇතැම් ලිං මැඩි දෙශපාලකය්න් කරනුයේ "globalisation" යන්නට පස් පංගුවේ බැන වැදීම මිස එම යථාර්තය තුලින් රට ඉදිරියට ගෙනයාම නොවේ. මෙහිදී පුරවැසියන් ලෙස අපටද විශාල වසයෙන් දායක විය හැක. තොරතුරු තාක්ෂණය හදාරන සහ ඒ ආශ්‍රිත වෘතිකයන්ට මෙහෙදී විශාල වැඩ කොටසක් පැවරී තිබේ.

අද අප අන්තර්ජාලය හරහා සිදු කරනුයේ "one way " ගනු දෙනුවකි. අප බටහිර වෙබ් අඩවි වල සහ ඔවුන්ගේ වෙනත් සේවා වල (Facebook , Twitter වැනි) සේවා ලබන්නන් පමණක් වී සිටීම දැන්වත් අවසන් කලයුතුය. බටහිරයන් සියල්ල "upload" කරන්නන් වීමත්, අප ඒවා හුදු "download" කරන්නන් පමණක් වීමටත් දැන්වත් තිත තැබිය යුතුය. අප සතු සංස්කෘතිය, ආගම, දැනුම ලෝකය සමග බෙදා නොගෙන ඔවුන්ගේ දැනුම සහ සංස්කෘතියේ ආනයනික සිරකරුවන් වීම අපගේම වරදකි.

එයට කලයුතු වනුයේ, බටහිරට ශාප කිරීම නොව විශ්ව ගම්මානයට ආඩම්බරෙන් අපේ දේ රැගෙන යන ක්‍රියාකාරී පරපුරක් බිහි කිරීමය. ඒ සදහා දැනුමින් මෙන්ම තාක්ෂනයෙන්ද තරුණ පරපුර සවිබල ගැන්විය යුතුය.


මුවන් පැලැස්සේ පිනා මෙන් අත් දෙක වන වනා විශ්ව ගම්මානයට (අන්තර්ජාලයට) පිවිස බටහිරින් "upload/serve" වන සියලු දේ "download/client" කරගෙන සිටින පරපුරක් වෙනුවට අපිට අවශ්‍ය වනුයේ අප සතු දැනුම හැදියාව සහ සබ්යත්වය "upload/serve" තුලින් අයාලේ යන බටහිරත් පාඩම් ඉගැන්වියහැකි පෞශ්‍යකින් හෙබි ක්‍රියාකාරී වෘතිකයන් පිරිසකි.

අපිට අවශ්‍ය වනුයේ බටහිරින් එන දැනුම ඉගෙන එය ඔවුන්ගේම ආයතන වලට අඩු මුදලට විකුණමින් යැපෙන BPO ශ්‍රමිකයන් පිරිසක් නොව එම දැනුම බාවිතයෙන් අපේම සේවා සහ නිෂ්පාදන දියුණුකර අපේ රටේ කීර්ති නාමය ලොවට ගෙනයන සැබෑ තාක්ෂණඤයන්, නිෂ්පාදකයන් සහ නායකයන්ය.

අදුරට ශාප කිරීම නවතා, එක පහනක් හෝ දැල්වීමට කාලය එලබ තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...

1 comments:

Anonymous said...

සහතික ඇත්ත අන්තර්ජාලයේ කෝරලේ මහත්තය වෙලා ඉන්න ඇමෙරිකාව අපිවගේ රටවල් වල අයව පිනාල වගේ තියාගන්න තමය් බලන්නේ. අපිත් කදිරවගේ පොඩ්ඩක් active උනේ නැත්නම් මේ ගොල්ල අපේ ඔළුවට අත හෝදනවා.

 
 
 

DZone

Business Insider (Tech)

TechCrunch

Mashable

Computer World

eWeek - RSS Feed